Ads 468x60px

cghjhjgfj

Wednesday, January 2, 2013

එක වගේ File හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමය.



එක වගේ File හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමය.


ඕගොල්ලන්ගේ ගෙදර තියෙන XP CD එකෙන් එක වගේ File හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් මම කියලා දෙන්න යන්නේ. නිකන් බොරුවට Internet එකේ Software හොයන්න ඕනේ වෙන්නේ නෑ. මම දන්නවා කරන්න ඕනේ දේ. 

  • මුලින්ම ඔයාල ගාව තියෙන XP CD එක CD ROM එකට දාන්න.

  • ඊට පස්සේ  CD ROM එක උඩ  Right Click කරලා Open කරන්න.




  • ඊට පස්සේ එකේ ඇතුලේ තියෙනවා SUPPORT කියල Folder එකක්. එක Open කරන්න. 




  • ඊටත් පස්සේ එකේ ඇතුලේ තියෙනවා TOOLS කියලා  Folder එකක්. එකත් Open කරන්න. 




  • එකේ ඇතුලේ තියෙනවා SUPPORT කියලා Zip File එකක්. එක Open කරන්න. නැත්තම් එක වෙන තැනකට Extract කර ගන්න. 




  • ඊට පස්සේ එක ඇතුලේ තියෙනවා dupfinder කියලා Application එකක්. එක තමා භාණ්ඩේ. ඔය පල්ලෙහා තියෙන්නේ එක තමා. Open කරලම බලන්න කෝ.



  • දැන් වැඩේ හරි. භාණ්ඩේ හම්බුනානේ, බලමු දැන් කොහොමද එකෙන් වේද කරන්නේ කියලා. වැඩේ අමාරු නෑ.  ඔය තියෙන්නේ එක තමා.





  • දැන් කරන්න තියෙන්නේ ඔය Browse කියන Button එකෙන් එක වගේ File තියෙන Location එක තෝරන්න. ඊට පස්සේ ඒ  Location එක තෝරලා OK  කරන්න.





  • දැන් Start Search කියන Button එක ඔබන්න. දැන් ඔයා Select කරපු තැන තියෙන එකවගේ File හොයන්න පටන් ගන්නවා.

  • ඊට පස්සේ වැඩේ හරි. දැන් ඔතන පෙන්නනවා එකවගේ තියෙන File සේරම. එතනින් බලලා ඕනේ නැති ඒවා Delete කරන්න. එච්චරයි. හරි ලේසියි නේද






මමනම් මේක කරලා බැලුවා. වැඩේ ගොඩක් සාර්ථකයි. හරිම ලේසියි. ඔයාලත් කරලා බලලා කියන්නකෝ. මේක කියවලා නිකන් නම් යන්න එපා, Comment එකක් දාලම යන්න හොදේ.



එහෙනම් පස්සේ  වෙන වැදගත් Post එකකින් හම්බවෙමු.




***තෙරුවන් සරණයි***

2 comments:

Kanchana Randika said...

හොද වැඩක් සහෝ keep it up....හැබයි ෆොටෝ වල watermarks තව අඩු උනොත් ගොඩක් හොඳයි.

ධනුෂ්ක සජිත් කුමාර ද සිල්වා said...

එළකිරි මචෝ, ඉස්සරහට දාන Post වලදී එක හද ගන්නම්, Thanx දැනුවත් කරාට.