Ads 468x60px

cghjhjgfj

Sunday, April 14, 2013

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!



ලැබුවා උ මේ සිංහල දෙමල අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!

Thursday, March 14, 2013

මෙගාබයිට් 2ක් ඇතුලේ Windows XP

අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් පුදුම හිතෙන විදියේ දෙයක්. විස්වාස කරන්නත් අමාරු එත් ඇත්තටම තියෙන එකක්. කවුද හිතන්නේ 650 MB විතර වෙන Windows XP CD එක 2 MB වගේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකට දාන්න පුලුවන්ද කියන එක. තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමා මේක මම හදපු එකක් නෙමේ. මටත් එක Internet එකෙන් හම්බ උනේ. එක නිසා එකේ සම්පුර්ණ අයිතිය එක හදපු කෙනාට. මට එක හම්බුන නිසා එක ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා. 

ඕනෙමනම් ඉතින් දැන් අපිට පුළුවන් Windows XP Mail  කරන්නත්. :P 

එහෙනම් වැඩිය විස්තර ඕනේ නැනේ. මෙතනින් එක Download කරගන්න.



පස්සේ අලුත් Post එකකින් හම්බෙමු.

*** තෙරුවන් සරණයි ***

Sunday, February 3, 2013

65 වන නිදහස් සැමරුම් උත්සවය.

         1948 පෙබරවාරි 04 අප ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා. අද දිනට අපට නිදහස ලැබී අවුරුදු 65ක් ගත වෙනවා. අද දින සමරන ඒ 65 වන නිදහස් සැමරුම් උළෙලට අපි සිතාගත යුත්තේ අපි අපේ මවු බිමට වැඩක් ඇති පුද්ගලයෙක් වෙමු යන්නයි.

____________________________________



ජාතික ගීය 



____________________________________



ජාතික කොඩිය 



____________________________________


ශ්‍රී ලංකා සිතියම 



____________________________________


ඇති ගරු ජනාධිපති තුමා.



____________________________________



අපේ මවු බිම ගැන මම කියන්න ඕනේ නැනේ. අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරලා දැන් දෙයියන්ගේ පිහිටෙන් අපිට කිසිම බයක් නැතිව ඕන තැනකට යන්න,එන්න පුළුවන්. 



අපේ මවු බිම අපේ අම්මා වගේ අපි සුරකිමු, ආරක්ෂා කර ගමු.




ශ්‍රී ලංකාව ගෙන වැඩි විස්තර සඳහා මෙතන Click කරන්න 



***  තෙරුවන් සරණයි   ***

Tuesday, January 29, 2013

එකම පරිගණකයේ SKYPE Account 2ක් Run කරමු.

අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉතාමත් වැදගත් Trick එකක්. ඒ තමා එකම පරිගණකයේ Skype Account දෙකක් Run කරන්නේ කොහොමද කියන එක.

වැඩි කතා නැතිව කෙලින්ම වැඩේට බහිමුකො.

  • මුලින්ම Skype Shortcut එක උඩ Right Click කරලා එකේ Target කියලා තියෙන තැන Path එක Copy කර ගන්න.






  • ඊට පස්සේ Copy කර ගත්තු එක Run එකේ Paste  කරන්න.



  • Run එකේ Paste කරාට පස්සේ එහි අගට පල්ලෙහා තියෙන විදියට ඉතුරු ටික Fill කරන්න.
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary

  • දැන් OK කරලා බලන්න. ඔයාගේ තිබ්බ Skype එක එහෙම්මම තියෙද්දී තව Skype එකක් Open වෙයි. එකට Skype Name එකයි Password එකයි දීලා Log වෙන්න.

  • ඒ විදියට අපිට පුළුවන් Skype Account කීපයක් එකවර Run කරගන්න.




ඔයාලත් එහෙනම් මේක කරලා බලලා හොද නරක කියලා  Comment එකක් දාලම යන්න.

*** තෙරුවන් සරණයි ***

Wednesday, January 23, 2013

Drivers දා ගන්න ලේසි ක්‍රමයක්

අද මම ලියන්න යන  එක කාටත් වැදගත් වෙන විදියේ POST එකක්. මට එකෙන් මම හදන Computer වලට Drivers ද ගන්න ගොඩක් ප්‍රයෝජනවත් උනා. මම කියල දෙන්න යන Software එක Free Software එකක්. 

අපි මුලින්ම ඒ Software එක Download කරගෙන ඉමු. 

  • මුලින්ම මම ඔයාලට දීපු Software එක Download කරගෙන Open කරන්න. එතකොට පහල තියෙන විදියේ Window එකක් Open වෙනවා.



  • දැන් ඔය දකුණු පැත්තේ පෙන්නන්නේ ඔයාලගේ පරිගණකයේ තියෙන Hardware Device ටික. 

  • දැන් ඔයාලට Download කරගන්න ඕන Driver එක උඩ click කරන්න. එතකොට ඔයාලගේ Browser එක Open වෙලා Drivers තියෙන Site එකට යනවා.




  • දැන් ඔයාලගේ OS එක select කරලා Download කර ගන්න. 

මේ Software එකේ අලුත් එක පහතින් Download කර ගන්න. 




එහෙනම් ඔයාලත් මේක කරලා බලලා Comment එකකුත් දාලම යන්න. 

**** තෙරුවන් සරණයි ****

Friday, January 18, 2013

කිසිම සපෝර්ට් එකක් නැනේ.



මගේ බ්ලොග් එක බලලා යනවා විතරනේ. මේක ගැන කිසිම දෙයක් මට කියන්නේ නැනේ. මගේ බ්ලොග් එක බලලා එකේ තියෙන අඩුපාඩු මට කියන්න. මට එක ගොඩක් වටිනවා, මට ඉස්සරහට බ්ලොග් ලියන්න මාව ශක්තිමත් වෙන්නේ ඔයාලා දෙන Comments වලින් තමා. 





ජය වේවා එහෙනම්.

***තෙරුවන් සරණයි***

Sunday, January 6, 2013

Windows XP වල Thumbnail Size එක වෙනස් කරන්නේ කොහොමද?


Windows XP වල Thumbnail Size එක වෙනස් කරන්නේ කොහොමද?



අපි අපේ පරිගණකයේ තිබෙන Photos, Videos ගොඩක් View කරන්නේ Thumbnail විදියටනේ. දැන් මම  කරන්න යන්නේ අපිට ඒ පෙන්නන Thumbnail View ඒකේ Size එක අඩු වැඩි කරන්නේ කොහොමද කියන එක ඔයාලට කියල දෙන්න.

මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ අපි Thumbnail Size එක මනින්නේ Pixel වලිනුයි. අපිට බලන්න පුළුවන් අඩුම Thumbnail Size එක තමා 32x32 කියන Size එක. ඒ වගේම අපිට පෙන්නන උපරිම Size එක තමා 256x256 කියන Size එක. මොකද්ද මේ 32x32 හා  256x256 කියන්නේ? එකෙන් කියන්නේ අපිට පෙන්නන Icon එකේ තියෙන Pixel ප්‍රමාණයයි. ඒ කියන්නේ එම Icon එකේ උස Pixel 32 හා පළල Pixel 32 කියන එකයි. ඒ වගේම තමා 256x256 කියන්නේ උස Pixel 256 හා පළල Pixel 256 කියන එකයි.


පල්ලෙහා පින්තුරේ පෙන්නන්නේ ඔය මම කියපු විදිහේ Default Thumbnail Size එක තමා.





  • මුලින්ම අපි RUN Window එකේ regedit කියලා Type කරලා OK කරනවා. එතකොට අපිට Registry Editor එක Open වෙනවා.



  • එම Registry Editor එකේ පල්ලෙහා තියෙන Path එකේ අලුත් DWORD Value එකක් හදන්න. එක ThumbnailSize කියලා Rename කර ගන්න.


HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer




  • ඔබ දැන් සාදාගත් DWORD Value එක Open කරලා  එහි Base කියන තැන Decimal යන්න තෝරා, එහි Value data කියන තැන අගයට 32 ලබා දෙන්න. ඉන්පසු OK කරන්න. 




  • දැන් බලන්න ඔයාලගේ Thumbnail Size එක පොඩි වෙලා නේද? ආපහු ඔයාලා එම DWORD Value එක Open කරලා Value data වලට 256 දාලා බලන්න. එතකොට ඔයාලගේ Thumbnail Size එක ලොකුවට පෙනෙයි. 




එහෙනම් ඔයාලා එක කරලා බලලම මට කියන්නකෝ. මම කරලා බැලුවා. ඔයාලට ආපහු Size එක තිබ්බ විදියට ගන්න ඕනෙනම් හදපු  DWORD Value එක Delete කරන්න. නැත්තම් එකේම Value data තැනට 256 ට වඩා ලොකු අගයක් දාන්න. මේක බලලා නිකන්නම් යන්න එපා. මේකේ තියෙන ගුණ, අගුණ, හොද, නරක,  කියලා දීලම යන්න.

එහෙනම් කට්ටියටම ජයවේවා...! 


***** තෙරුවන් සරණයි*****

Wednesday, January 2, 2013

එක වගේ File හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමය.



එක වගේ File හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමය.


ඕගොල්ලන්ගේ ගෙදර තියෙන XP CD එකෙන් එක වගේ File හොයාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් මම කියලා දෙන්න යන්නේ. නිකන් බොරුවට Internet එකේ Software හොයන්න ඕනේ වෙන්නේ නෑ. මම දන්නවා කරන්න ඕනේ දේ. 

  • මුලින්ම ඔයාල ගාව තියෙන XP CD එක CD ROM එකට දාන්න.

  • ඊට පස්සේ  CD ROM එක උඩ  Right Click කරලා Open කරන්න.




  • ඊට පස්සේ එකේ ඇතුලේ තියෙනවා SUPPORT කියල Folder එකක්. එක Open කරන්න. 




  • ඊටත් පස්සේ එකේ ඇතුලේ තියෙනවා TOOLS කියලා  Folder එකක්. එකත් Open කරන්න. 




  • එකේ ඇතුලේ තියෙනවා SUPPORT කියලා Zip File එකක්. එක Open කරන්න. නැත්තම් එක වෙන තැනකට Extract කර ගන්න. 




  • ඊට පස්සේ එක ඇතුලේ තියෙනවා dupfinder කියලා Application එකක්. එක තමා භාණ්ඩේ. ඔය පල්ලෙහා තියෙන්නේ එක තමා. Open කරලම බලන්න කෝ.



  • දැන් වැඩේ හරි. භාණ්ඩේ හම්බුනානේ, බලමු දැන් කොහොමද එකෙන් වේද කරන්නේ කියලා. වැඩේ අමාරු නෑ.  ඔය තියෙන්නේ එක තමා.





  • දැන් කරන්න තියෙන්නේ ඔය Browse කියන Button එකෙන් එක වගේ File තියෙන Location එක තෝරන්න. ඊට පස්සේ ඒ  Location එක තෝරලා OK  කරන්න.





  • දැන් Start Search කියන Button එක ඔබන්න. දැන් ඔයා Select කරපු තැන තියෙන එකවගේ File හොයන්න පටන් ගන්නවා.

  • ඊට පස්සේ වැඩේ හරි. දැන් ඔතන පෙන්නනවා එකවගේ තියෙන File සේරම. එතනින් බලලා ඕනේ නැති ඒවා Delete කරන්න. එච්චරයි. හරි ලේසියි නේද






මමනම් මේක කරලා බැලුවා. වැඩේ ගොඩක් සාර්ථකයි. හරිම ලේසියි. ඔයාලත් කරලා බලලා කියන්නකෝ. මේක කියවලා නිකන් නම් යන්න එපා, Comment එකක් දාලම යන්න හොදේ.



එහෙනම් පස්සේ  වෙන වැදගත් Post එකකින් හම්බවෙමු.




***තෙරුවන් සරණයි***